PR WirePR WirePR Wire
(+94) 11 5 921951
Sri Lanka
PR WirePR WirePR Wire

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය 2020: – බියෙන් හා පක්ෂපාතීත්වයෙන් තොර ජනමාධ්‍ය කලාවක්

  • Home
  • Business & Strategy
  • ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය 2020: – බියෙන් හා පක්ෂපාතීත්වයෙන් තොර ජනමාධ්‍ය කලාවක්

ශොනෙල් පෙරේරා

ලොව පුරා ජනමාධ්‍යවේදීන්ගේ අදහස් පළ කිරීමේ නිදහස හා සුරක්ෂිතතාව තහවුරු කිරීම උදෙසා මෙන්ම, ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ලොව පුරා බලධාරීන් විසින් ගරු කිරීම සහතික කරනු වස්, අද දිනට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ‘බියෙන් හා පක්ෂපාතීත්වයෙන් තොර ජනමාධ්‍ය කලාවක්  ̓ මැයෙන්,‍් 27 වැනි වරටත් ලොව පුරා සැමරේ.

ලොව අනෙකුත් සැමරුම් දින හා සසඳද්දී, ලෝක ජන මාධ්‍ය නිදහස් දිනය නව සැමරුමක් වන අතර, 1976 වසරේදී ජනමාධ්‍යවේදීන් ගණනාවක් එක්ව, මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ඔවුන් දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ කමිටුව (WPFC), ආර්ජන්ටිනාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවා ගැනිණි. WPFC යනු ජන මාධ්‍ය කලාවෙහි සහ ජනමාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් ලොව පුරා සංවිධාන ගණනාවක් සමග ක්‍රියාත්මක වන International Freedom of Expression Exchange හි සාමාජික සංවිධානයකි.

1993 වසරේ මේ සම්බන්ධව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වීමට සමගාමීව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විනිවිදභාවයෙන් යුතු ජන මාධ්‍ය කලාවක් පිළිබිඹු කිරීම සඳහා දිනයක් ආරම්භ කෙරුණු අතර, ඒ අනුව ලෝක ජන මාධ්‍ය නිදහස් දිනය ස්ථාපිත කෙරිණි. 1991 වසරේ, අප්‍රිකානු මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය දිරිමත් කිරීම සඳහා‍ වන ජනමාධ්‍ය පිළිබඳ මූලික ප්‍රකාශයක් වන වින්ඩ්හෝක් ප්‍රකාශනයෙහි සංවත්සර උළෙලෙහි මෙම දිනය සටහන්ව තිබුණි.

සෑම වසරකම,‍් මාධ්‍ය නිදහසේ වැදගත්කම ඉස්මතු කිරීම සඳහා සුවිශේෂී සංස්කෘතික කාර්යයන් රාශියක් ලොව පුරා සංවිධානය කරනු ලැබේ. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) ද, මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ දැනුවත් කිරීමට හා එය ප්‍රවර්ධනය කිරීමට ලොව බොහෝ රටවල් විසින් සිදු කරන කාර්යයන් සම්බන්ධීකරණය කරනු ලබයි.  

මාධ්‍ය නිදහස සඳහා සටන් වදින ආයතනවලට හෝ පුද්ගලයින්ට යුනෙස්කෝ සංවිධානය බොහෝ සම්මාන ප්‍රදානය කරයි. ජනමාධ්‍යවේදීන් සඳහා වන අන්තර්ජාතික ෆෙඩරේෂනය  වාර්තා කර තිබුණේ, 2018 වර්ෂය තුළ,‍්  අවම වශයෙන් මාධ්‍යවේදීන් 95 දෙනෙකු ඝාතනයට ලක් වී ඇති බවයි. එසේත් නැතිනම් ඔවුන්ගේ රාජකාරිය අතරතුර මිය ගොස් ඇති බවයි. ඉහළ අවදානම් සහිත රටවල්වල, විශේෂයෙන් යුද්ධය පවතින රටවල්වල වාර්තාකරණයෙහි නිරත මාධ්‍යවේදීන්ට එරෙහිව බලපැවැත්වෙන හිංසනය තුරන් කිරීම සඳහා අද වන විට ලොව පුරා සංවිධාන සටන් වදී.

රටක ස්වෛරීභාවය පුරවැසියන් සමග රඳා පවතී යන අදහස ජනමාධ්‍ය නිදහස හා සමීපව සම්බන්ධ වේ. මෙම ස්වෛරීභාවය නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම්, රටක ජනතාවට ආණ්ඩුවේ තර්ජනයකින් තොරව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හා කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය.

‘දේශසීමා රහිත වාර්තාකරුවන් ̓ විසින් මෑතදී සම්පාදනය කරන ලද 2020 ලෝක ජන මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය සඳහන් කළේ, ඉදිරි දස වසර මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කිරීමේ වැදගත්කම සනාථ කිරීම සඳහා යෙදවෙනු ඇති බවයි.

‍්රටවල් කිහිපයක් වසංගත  තත්ත්වය හමුවේ දක්වන ප්‍රතිචාරය, එම රටවල්වල මාධ්‍ය මර්දන මට්ටම සහ ඔවුන් මෙම දර්ශකයෙහි උසුලන ස්ථානය සමග ඉතා පැහැදිලි සම්බන්ධතාවයක් පර්යේෂණ මගින් අවධාරණය කර තිබේ. වත්මන් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාකරණය යටපත් කරන රටවල් අතරෙහි ඉරානය මෙන්ම, ලෝක බලවතා වන චීනය, ප්‍රධාන නිදසුන් දෙකක් වන අතර, එම රටවල් මෙම දර්ශකයෙහි පිළිවෙළින් 173 හා 177 තරම් පහළ ස්ථාන උසුලයි. 

එමෙන්ම,‍් ඇමරිකා එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසංගතය කාලය පුරාම, මාධ්‍යවේදීන් පිළිබඳ වෛරී සහගත හැසීරීමක් පෙන්නුම් කිරීමත් සමග, ඇමරිකාවට මෙම දර්ශකයෙහි 45 වන ස්ථානයට පමණක් පැමිණීමට හැකිවිණි. බ්‍රසීලය ද 107 තරම් පහළ මට්ටමක සිටින අතර, පැහැදිලි හේතුන් මත උතුරු කොරියාව සිටින්නේ පහළම ස්ථානයේ ය. ලොව පුරා මාධ්‍ය නිදහසේ ඉහළින්ම, උතුරු යුරෝපීය රටවල් පවතින බවත්, අංක 1 හි නෝර්වේ රාජ්‍යය වැජඹෙන බවත් දර්ශකයෙහි දැක්වේ. පළමු ස්ථාන තුන අතරෙහි ඇති අනෙක් රටවල් ද්විත්වය නම් ෆින්ලන්තය හා ඩෙන්මාර්කය යි. ස්වීඩනය හා නෙදර්ලන්තය පසු වන්නේ මාධ්‍ය නිදහස ඉහළින්ම සුරක්ෂිත රටවල් පහ අතරෙහිය.

“මාධ්‍ය නිදහස යනුවෙන් කිසියම් දෙයක් අදහස් කරන්නේ නම්, ඉන් අදහස් වන්නේ විවේචනය කිරීමට හා විරුද්ධ වීමට ඇති නිදහසයි.” – ජෝර්ජ් ඕවල්

(මූලාශ්‍ර : යුනෙස්කෝ, ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් හා ටයිම් සඟරාව)  

පරිවර්තනය – උදානි විජේසුන්දර

Leave A Comment